1. ඕනෑම දෙයක් කිරීමට ප්‍රථමයෙන් ආරක්ෂාව ගැන සැලකිල්මත් වෙන එක සාමාන්‍ය දෙයක්නෙ. ඒක ඔබගේ ලිංගික එක්වීමේදීත් අදාලයි ,ආරක්ෂාව ප්‍රථමයෙන්. ඇත්තම කතා කලොත් අපිට 100% ආරක්ෂාකාරී ලිංගික එක් වීමක් බලාපොරොත්තු විය නොහැකිය. නමුත් ආරක්ෂා විය යුතු සැලකිල්මත් විය යුතු කරුණුත් තිඛෙනවා. පළමුව ඔබට දරු ගැබක් අවශ්‍ය නොවේ නම් ඔබ සැලකිල්මත් විය යුතුයි පිරිමි තැනැත්තා ලිංගික ආවරණයක් ( condom ) පැලද සිටිනවාද යන්න ( ඔබ උපත් පාලන පෙති ලබා ගෙන ඇති විටදී පවා ). ඒ වගේම අනිවාර්යෙන්ම ඔබ එම පුද්ගලයා සමග ඔහුගේ ලිංගක ඉතිහාසය පිළිබද කතා කිරීමටත් එය පිළිබද නිසි අවබෝදයෙන් සිටීමටත් වග බලා ගැනීම අනිවාර්ය වේ. මෙයින් පෙනී යන්නේ එම පුද්ගලයා ඉතාමත් විශ්වාසවන්ත පුද්ගලයකු විය යුතු බවයි. මෙය සමහරවිට ඉතා අපහසු දෙයක් කියල ඔබට සිතෙන්න පුළුවන්. නමුත් ඔබ දැන ගත යුතු කරුණක් තියෙනව .එනම්, විෂමලිංගික කාන්තවන්ට ,පුරුෂයන්ට වඩා ලිංගාශ්‍රිතව බෝවන රෝග ( ලිංගිකව අසාදනය වන රෝග ) වැලදීමේ වැඩි අවදානමක් පවතින බව. .ඉතින් ඒ නිසා ඔබගේ ලිංගික සෞඛ්‍ය නිසියාකාරව පවත්වාගෙන යාමටත් එහි නිසි පළ නෙලා ගැනීමේ වගකීමත් තිඛෙන්නෙ ඔබේ අතේ කිවුවොත් නිවැරදි.
2. ඉහල බලාපොරොත්තු මුලින්ම ඇති කර ගන්නත් එපා. මොකද ලිංගිකත්වය කියන්නෙ පුද්ගලයන් දෙදෙනෙකු හදුනා ගැනීම සහ ඔවුන් දෙදෙනාගේ ශරීර අතර සුවපහසු සබරදතා පැවැත්වීමයි. කෙට්යෙන්ම කීවොත් එක පුද්ගලයෙක්ගේ ශරීරයක ඇසුරට විශේෂයෙන් කැමති වීම. ඉතින් මනසේ පීඩනයක් හදා ගන්න එපා මෙය ඔබගේ හොදම රාත්‍රිය (ලිංගික එක් වීම) කරගන්න ඕන කියලා. මොකද මෙය ඔබේ පටන්ගැන්ම පමණයි. එනම් ගොඩකින් පළමු අවස්ථාවයි. ඉතින් දෙදෙනා ඉතා හොදින් හදුනා ගැනීම තමයි ගොඩක් වෙලාවට වෙන්නෙ.
3. ලිංගිකව එක් වීමේදී හොදින් හුස්ම ගත යුතයි. මොකද ඔබේ පළමු ලිංගික ඇසුර ඉතා නොසන්සුන්කාරී හා ස්නායු-බිදිය හැක, සදහන් කරන්න තරම් දෙයක් නොවුනත් යාම් තරමක වේදනාවක් දැනිමටත් හැකිය. දිගු, ගැබුරු හුස්ම ගැනීම තුලින් ඔබව ලිහිල් කිරීමටත්, ඔබට පහසුවක් දැනිමටත් හැකියාව ඇත.
4. හාදු බුක්ති විදීමටත් අමතක කරන්න එපා. මොකද ඒ සංසර්ගයේදී, සිප ගැනීම, ස්පර්ශ කිරීම, මුඛ සංසර්ගය - යන මේවත් ලිංගික අත්දැකිමේම කොටස් වෙන නිසා. මොකද එය විනිවිද යාම පමණක් නොවන නිසා.
5. නිතරම ඔහුත් සම`ග කතා කරන්න. ඔහුට කියන්න ඔහු කල හො`ද හා ඔබට දැනෙන විදිය. ඒ වගේම නොදැනෙන දේත් ඔහුට දැනුම් දෙන්න. මොකද පිරිම කෙනා හැම විටම කැමති ඔඛෙන් ලැඛෙන ප්‍රතිචාර වලට. ඒ නිසා ඒ පිළිබද ඔහුත් සමග කතා කිරීමට ලැජ්ජා වෙන්න එපා.
මෙහි සදහන් දේට අමතරව ඉතා විශාල කරුණු රාශියක් තිඛෙනවා මේ සමබන්දව ඔබ දැනගත යුතු. ඔබට අවශ්‍ය නම් ඉතා හොද සබදතාවයක් පවත්වා ගැනීමට ආරක්ෂාව, ආදරය, පිරිසිදු කම ඒ වගේම අදහස් තේරුම් ගැනීම වගේ සාධකත් බලපානවා.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



