Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

බොහෝදෙනෙක් විමසනවා ආනරක්ෂිත ලිංගික එකතුවීමකින් පසුව සිදුකල යුත්තේ කුමක්ද කියා. සිදුකරනු ලැබූ එම සිදුවීම් සඳහා ඔවුන් පසුව තමයි පසුතැවිලි වන්නේ. එම පුද්ගලයින් විමසන ප‍්‍රධාන කරුණු දෙකක් තිබෙනවා.

ඒ හේතුවෙන් මම ගැබ්ගන්නට පුලූවන්ද?
ලිංගිකව පැතිරීයන රෝගී තත්වයකට මා ගොදුරු වේවිද?
එම පුද්ගලයින් හට පෞද්ගලිකව උපදෙස් ලබාදුන්නද, මෙය පොදු සමාජ ගැටළුවක් යැයි අප සිතනවා. එනිසාම සියලූ දෙනා දැනුවත් කිරීමට මෙම ලිපිය ඉදිරිපත් කරන්න අප තීරනය කළා. ආනරක්ෂිත ලිංගික එකතුවීමකින් පසුව ඔබ ක‍්‍රියාකලයුතු නිවැරදිම ක‍්‍රමය ඔබට පහතින් දැකගන්නට පුළුවන්.

1. ගැබ්ගැනීම වැළක්වීම සඳහා වහාම ක‍්‍රියාත්මක වීම.

පිරිමියෙකු සමග අනාරක්ෂිත ලිංගික ඇසුරක් පැවැත්වූ කාන්තාවක් නම් ගැබ්ගැනීම වැළක්වීම සඳහා වහාම ක‍්‍රියාත්මක වියයුතුයි. ආනරක්ෂිත ලිංගික ඇසුර සිදුවී පැය 72ක් ඇතුලත ගැබ්ගැනීම වළක්වාලන ඖෂධ භාවිතා කිරීමට හොඳින් මතක තබා ගන්න. හැකි පමණ ඉක්මනට එම ඖෂධ භාවිතා කිරීම තමයි වඩාත් සුදුසු වන්නේ.

2. HIV ආසාදනය වීමට තියෙන අවධානම අවම කිරීම.

එච්.අයි.වී වෛරසය අසාදනය වී ඇති බවට සැකසිතන පුද්ගලයෙකු සමග ඔබ ලිංගිකව එකතුවුනා නම්, එච්.අයි.වී වෛරසය ආසාදනය වීමට ඇති ඉඩකඩ අවම කරගන්නට හැකියාව තිබෙනවා. වෛද්‍යවරයෙකු වෙත වහාම යොමු වී පොස්ට් එක්ස්පෝෂර් ප්රෝෆිලක්සිස් (පී.ඊ.පී) ප‍්‍රතිකාරය සිදුකරගන්න. දරුණු වෛරසයකට නිරාවරණය වුනු පසුව ඉන් ආසාදනය වීම වලක්වාලීම සඳහා වහාම සිදුකරන වළකාලීමේ ප‍්‍රතිකාරයක් විදියට එය හඳුන්වන්න පුළුවන්.

3. ඔබ සමග ලිංගිකව එකතුවනු පුද්ගලයා සමග කතාබස් කිරීම.

ලිංගිකව එකතු වුනු පුද්ගලයා කෙතරම් අවධානම් තැනැත්තෙක්ද යන්න දැනගැනීමට අවශ්‍යද? ඒ සඳහා කලහැකි වඩාත් සුදුසුම ක‍්‍රමවේදය නම් ඔහු සමග සුහදව කතා බස් කිරීමයි. ලිගිකව පැතිරී යන රෝගීතත්වයන් හඳුනාගැනීම සඳහා පරීක්ෂාවක් ඔහු මෑතකදී සිදුකර තිබෙනවානම් හෝ එවැනි රෝගී තත්වයක් ඔහු තුල නොමැති නම් ඒ පිළිබඳව ඔබ තව දුරටත් පසුතැවිලි වියයුතු නැහැ.

4. යම් කාලසටහනකට අනුව ලිංගිකව පැතිරීයන රෝගීතත්වයන් (එස්.ටී.ඞී) පරීක්ෂාවක් සිදු කිරීම.

අනාරක්ෂිත ලිංගික ඇසුරක් පැවැත්වූ සැනින් වෛද්‍යවරයා වෙත දිවගොස් මෙම පරික්ෂාව සිදු කිරීම නොවෙයි ඔබ කලයුතු වන්නේ. එය සිදු කිරීමෙන් ඔබට කලහැක්කේ ඔබ තුල පවතින ලිංගික රෝගී තත්වයකට ඔබගේ සහකරුවා ගොදුරු වී නොමැති බව කියා ඔහුව සැනසීම පමණයි. ඔබ ඔහු සමග ලිංගිකව එකතුවීම නිසා ඔබට යම්කිසි ලිංගික රෝගයක් වැළඳීමේ අවධානමක් තිබෙනවා කියා ඔබ සිතනවානම් ඔබට ඇත්තටම යම් කාලයක් බලාගෙන ඉන්නට සිදුවෙනවා. එම පරික්ෂාව වඩාත් නිවැරදි වීමට නම් දවස් කිහිපයක් හෝ මාස කිහිපයක් ගත වෙන තුරු සිටිය යුතුයි. එම නිසා විටින් විට මෙම පරික්ෂාව සිදුකරන්න.

5. මීලග අවස්තාව සඳහා ආරක්ෂාවක් මිලදී ගැනීම.

සිදුකරනු ලැබූ අනාරක්ෂිත ලිංගික ඇසුරක් හේතුවෙන් ඔබ දැනටමත් පසුතැවිලි වෙනවානම්, ඉන් අදහස් කරන්නේ අනාගත ලිංගික එකතුවීම් සඳහා ආරක්‍ෂිත ක‍්‍රමවේදයක් අනුගමනය කලයුතු බවයි. ඒ සඳහා සෑම මොහොතකම සුදානමෙන් සිටීම වැදගත්. අන්න එම නිසාම තමයි ඔබ යන එන සෑමවිටම උපත්පාලන කොපු කිහිපයක් රැුගෙන යායුත්තේ.

තම සහකරුවා හැරුණුකොට වෙනත් පොද්ගලයෙකු සමග ලිංගිකව හැසිරීම සදාචාර සම්පන්න නොවෙන බව හොඳින් මතක තබා ගන්න. එවැනි ක‍්‍රියාකාරකම් වලින් සමාජය පිළිකුල් කරන රෝගීතත්වයන් හට ඔබ ගොදුරුවීමට ඉඩ තිබෙනවා වගේම පවුල් ජීවිතය තුලද ගැටුම්කාරී තත්වයක් ඇතිවෙන්නට පුළුවන්.

සැ.යු – තම සහකරුවා හැරුණු කොට වෙනත් පුද්ගලයින් සමග ලිංගිකව එකතුවීම සඳහා මෙම ලිපියෙන් කිසිඳු ආකාරයේ පෙළඹවීමක් හෝ අනුබලයක් ලබා නොදෙන බව කරුණාවෙන් සලකන්න.

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News