Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

අතුරු අබාධ නෑ වයස්‌ බේදයකින් තොරව පාවිච්චි කල හැක

අපේ සිංහලයා ආදි කාලයේ පටන්ම තමන්ගේ සෞඛ්‍ය ගැන බොහොම කල්පනාවෙන් විමසිල්ලෙන් කටයුතු කළ බව නොරහසක්‌. හෙළ වෙදකම නැත්නම් දේශීය වෛද්‍ය ක්‍රම භාවිත කරමින් ආදිතම මිනිසා නීරෝගී සම්පත්තිය ලැබුවේ ඒ නිසයි. ඇතැම් රෝග තත්ත්වයන්ට එදා ඔසුවක්‌ සේ හෙළයා තමන්ගේ බත්පතට ගත් ආහාර අද වැඩිදුර අධ්‍යයනයන් ඔස්‌සේ විවිධ රොගයන්ට ප්‍රතිකාර ලෙස ලබා ගන්නා අන්දම අප දැක ඇත්තෙමු.

මෙයද ඊට සමාන අවස්‌ථාවකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ, ව්‍යාධිවේදී දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත රාජපක්‌ෂ මහතාගේ මූලිකත්වයෙන් යුතු කණ්‌ඩායමක්‌ පිළිකා සෛල නසන , පිළිකා සෛල වර්ධනය නොකරන ඖෂධයක්‌ නිපදවීමට සමත්ව තිබේ. එය තවදුරටත් මහනුවර මහ රෝහලේ පිළිකා රෝගීන් අතර පර්යේෂණ මට්‌ටමේ පවතී.

පර්යේෂණය සිදු කරන කණ්‌ඩායම ලෙස මේ මොහොතටත් කටයුතු කරන්නේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර ජයසූරිය සත්ත්ව හා පෝෂණවේදය පිළිබඳ ආචාර්ය මධුජිත්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සෑම් කුලරත්න, පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඡේ. හිල්මි යන මහත්වරු සහ පශ්චාත් උපාධි අපේක්‌ෂක ශිෂ්‍ය කණ්‌ඩායම වන නිශා රණසිංහ, අමල් ධර්මප්‍රිය, කෞශල්‍යා කරුණාතිලක, තක්‌ෂිලා රණවීර යන කණ්‌ඩායමය. ඔවුහු මෙම ඉතිහාසගත විය යුතු ඖෂධය සොයා ගැනීමේ භාරදූර කාර්යය සඳහා තවදුරටත් වෙහෙස මහන්සි වෙමින් සිටින්නේ දිනෙන් දින වසංගතයක්‌ තරමටම ව්‍යාප්ත වෙමින් පවතින පිළිකාව නැමැති රෝග තත්ත්වයට පිළියමක්‌ කවුරු හෝ සෙවිය යුතු නිසාය.

"කරවිල උයන්න සුද්ධ කරනකොට බොහොමයක්‌ දෙනා කරවිල ඇට ටික විසිකරනවා. සම්බෝලයක්‌ විදිහට හැදුවත් ඇට අයින් කරලා කනවා. එතනින් අපි කරගන්නේ විශාල පාඩුවක්‌. මොකද කරවිල ඇටය ඇතුළේ තමයි, ඇඟට අවශ්‍යම කරන පෝෂක කොටස තියෙන්නේ.. අපි එම කොටස වෙන්කරලා අරගෙන බෙහෙත් කරලක්‌ තුළට දාලා රෝගීන්ට ලබා දෙන්න හැකි ක්‍රමවේදයක්‌ සකස්‌ කළා. මේ බෙහෙත් කරලක්‌ හදන්න කරවිල ඇට දහයක්‌ විතර අවශ්‍ය වෙනවා. අපිට පරීක්‌ෂණ කරන්න සම්පත් ලබා දෙන්න මහාචාර්ය ජයන්ත රාජපක්‌ෂ මහතා බොහොම වෙහෙසක්‌ ගත්තා. එතුමාගේ මිත්‍රයෝ රැසක්‌ මේ සඳහා සම්පත් ලබා දෙන්න ඉදිරිපත් වුණ නිසා අපේ වෑයම සාර්ථක කරගන්න හැකි වුණා යෑයි මෙම කර්තව්‍යයට දිවා රෑ නොබලා වෙහෙස වූ පශ්චාත් උපාධි අපේක්‌ෂක කණ්‌ඩායමේ නිශා රණසිංහ කියා සිටියාය.

මහාචාර්ය ජයන්ත රාජපක්‌ෂ මහතා සිය ජාතික මෙහෙවර ගෙනහැර දැක්‌වූයේ, මෙසේයි. 

"පශු වෛද්‍ය පීඨය කාලයක්‌ තිස්‌සේ, පටන්ම ශාකවල ඇතිකරන රසායනික ප්‍රතික්‍රියාවන් පිළිබඳව පරීක්‌ෂණ සිදුකරමින් සිටිනවා. අපි දැනට වසර පහකට පමණ පෙර සිට රටේ පවතින අර්බුදකාරී ගැටලුවලට විසඳුම් සොයා යන්න පුළුවන්ද කියන කාරණාව ගැන අවධානය යොමුකළා. බොහොමයක්‌ රටවල පිළිකා නාශක ඖෂධ වර්ග නිපදවීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ජපානය, ඔස්‌ටේ්‍රලියාව ඇතුළු තවත් රටවල් බොහොමයක්‌ ෆැටී ඇසිඩ් හරහා පිළිකා සෛල විනාශ කරන්න පුළුවන්දැයි පරීක්‌ෂණ සිදු කරනවා. ඒ අනුව අපි අවධානය යොමු කළා මේ කියන ෆැටී ඇසිඩ් වර්ගය අපේ දේශීය ආහාර වල තියෙනවාද නැද්ද කියලා හොයලා බලන්න. ඒ අනුව, අපි හොයා ගත්තා කරවිල ඇටවල අභ්‍යන්තරයෙහිත් දෙළුම් ඇට වල අභ්‍යන්තරයෙහිත් මේ කියන ඇල්ෆා ඊලියෝස්‌ටියරික්‌ ඇසිඩ් Eleostearic acid නම් ඔයිල් එක නැත්නම් තෙල් වර්ගය අඩංගුවෙලා තියෙන බව. මේ ඔයිල් එක දිනපතා ලබා දුන්නාම පිළිකා සෛල මැරෙනවාද කියලා බලන්න අපි පර්යේෂණ පටන් ගත්තා. 

අපේ අදහස වුණේ දෙළුම් යොදාගෙන පරීක්‌ෂණ කරන්න. නමුත් දෙළුම් කිව්වාම කෘතිමව නිපදවන ලද දෙමුහුන් බීජවලින් සැකසූ දෙළුම් සුදුසු නැහැ. ගමේ ගොඩේ හැදෙන දෙළුම් තමයි යොදා ගත යුතු වන්නේ. අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්‌ව දෙළුම් හෙව්වා. නමුත් ප්‍රමාණවත් ලෙස දෙළුම් හොයා ගන්න බැරිවුණා. ඒ නිසා අපි හිතුවා කරවිල උපයෝගි කරගෙන පර්යේෂණ පවත්වන්න. 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන බෝග දෙපාර්තමේන්තුවේ කුමුදු අබේකෝන් මහතා සමග සාකච්ඡා කරලා සතියකට කරවිල කිලෝ දහයක්‌ ලබා ගත්තා. ඒවායෙහි ඇති කරවිල ඇට යොදාගෙන ඔයිල් ලබා ගත්තා.

ඔන්න ඒ එක්‌කම අපේ පර්යේෂණ ක්‍රියාවලිය පටන් ගත්තා. ජාතික පර්යේෂණ සභාව ඒ සඳහා අපට මූල්‍ය දායකත්වය ලබා දුන්නා. ඔවුහු නොසිටින්න අපි තවමත් මුල් අදියරේ. කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සත්තු ලබා දුන්නා. 

මූලික පර්යේෂණ කටයුතු සඳහා මවුස්‌ නමින් හඳුන්වන කුඩා මීයන් තිහක්‌ පමණ යොදා ගත්තා. නිරෝගී මියන් එක්‌ කණ්‌ඩායමකට අපි මාස හයක්‌ පුරා කරවිල ඇටයේ ඇති ඔයිල් එක දුන්නා. කාටවත් ඒවා විස වුණේ නැහැ. පසුව තවත් මීයන් කණ්‌ඩායමකට පිළිකා සෛල ලබා දුන්නා. ඒ අනුව එක්‌ එක්‌ මියන්ගේ අක්‌මාවේ, පියයුරුවල, ස්‌නායුවල, රුධිරයේ, අමාශයේ, බඩවැල්වල පිළිකා වර්ධනය කළා. පිළිකා හැදුන මීයන් ආයෙත් වර්ග කළා. ඉන් එක කණ්‌ඩායමකට කරවිල ඔයිල් එක දුන්නා. අනෙක්‌ කණ්‌ඩායමට කරවිල ඔයිල් එක නොදී සිටියා. මාස දෙකක්‌ එක දිගටම ඒ පර්යේෂණය සිදු කරද්දී අපට පැහැදිලිව දක්‌නට ලැබුණා.. පිළිකා සෛල වර්ධනය වූ මීයන්ට කරවිල ඔයිල් දුන්නාම සෛල වර්ධනය අඩාල වන හැටි සහ යළි නිරෝගිමත්භාවයට පත්වන අයුරු. ඔයිල් නොදී සිටි පිළිකා වර්ධනය වූ මීයන් අතර මගදී විවිධ රෝගයන්ට ගොදුරු වෙලා මිය ගියා. තවත් සමහරුන්ගේ සිරුර පුරා පිළිකාව වර්ධනය වුණා. බෙහෙත දීපු මීයෝ කණ්‌ඩායමත් අපි පර්යේෂණ සඳහා සිරුර අභ්‍යන්තරයේ පරීක්‌ෂණ කළා. එතනදි සමහර මීයන්ගේ අක්‌මාව නැවත යථා තත්ත්වයට පත්වෙලා තියෙනවා දැක ගන්න පුළුවන් වුණා. අපි බෙහෙවින් සතුටට පත්වුණ එක්‌ අවස්‌ථාවක්‌ තමයි ඒ.

ඒත් අපි පර්යේෂණ නතර කළේ නැහැ. නැවතත් මවුස්‌ලා අසූවක්‌ ගෙනැත් පර්යේෂණ ආරම්භ කළා. මවුස්‌ලා කණ්‌ඩායම් හතරකට බෙදුවා. එතනදි අපි කණ්‌ඩායම් තුනකට පිළිකා වර්ධනය කළා. පිළිකා නැති කණ්‌ඩායම තමයි හතර වැනි කණ්‌ඩායම. මේ කණ්‌ඩායම් හතරටම බෙහෙත් දෙනවා. ඒ අතරේ පිළිකා වර්ධනය වී ඇති බෙහෙත් ලබා දෙන අතරේ පිළිකා සෛලත් ලබා දෙන කණ්‌ඩායම ගැන දිගුකාලීනව පර්යේෂණ පවත්වමින් සිටිනවා. තවත් කණ්‌ඩායමක්‌ පිළිකා ඇතිව දිගුකාලීනව බෙහෙත් ගන්නවා. අනෙක්‌ කණ්‌ඩායම කඩින් කඩ බෙහෙත් ගන්නවා. අපි දිගින් දිගටම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා.

ඒ අතර මහාචාර්ය සෑම් සහ විශේෂඥ වෛද්‍ය ඡේ. හිල්මි මහතාගේ දායකත්වය මත මෙම බෙහෙත රෝගීන් අතරේ පරීක්‌ෂා කරලා බලන්න අපි කල්පනා කළා. මහනුවර මහ රෝහලේ සායනික රෝගීන් යොදාගනිමින් අපි මේ වන විටත් පර්යේෂණ සිදු කරනවා. අපේ එකම අරමුණ රෝගීන් අතරට මේ ඖෂධය ලබා දීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක්‌ යෙදීමයි. ඒ සඳහා ක්‍රමවේදයක්‌ තියෙනවා. අපි පියවරෙන් පියවර ඉදිරියට යා යුතුයි. මේ වනතුරු ම අපි සාර්ථකව පර්යේෂණ සිදු කර තිබෙනවා......."

මහනුවර රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඒ. ඡේ. හිල්මි මහතාගෙන් කරුණු විමසුවෙමු.

"පිළිකාව කියන්නේ මේ කාලේ දැඩි ලෙස ව්‍යාප්ත වන බවක්‌ පෙනෙන්නට තියෙන රෝගයක්‌. ඒ සඳහා ප්‍රතිකාර ක්‍රමයක්‌ අපේ රට තුළම සොයාගැනෙනවා කියන්නේ ආඩම්බර විය යුතු කාරණයක්‌. මේ ඖෂධය අපි දැනට කණ්‌ඩායම් කිහිපයකට ලබා දෙමින් පර්යේෂණ සිදු කරනවා. අපේ සායනයට සහභාගි වන රෝගීන් අතරින් අමාශය සහ අන්ත්‍ර, බඩවැල් ආදියෙහි පිළිකා සෛල වර්ධනය වී ඇති රෝගීන් මෙම පර්යේෂණ කණ්‌ඩායමට ඇතුළත් කළා. ඒ අයට දැනට සිදුකරන බටහිර වෛද්‍ය ප්‍රතිකාර අතර තුර මෙම පර්යේෂණාත්මක ඖෂධය ලබා දීමට කටයුතු කරනවා. කරවිල කියන්නේ අපි එදිනෙදා ආහාරයට ගන්න එළවළුවක්‌. මෙම කරල් සැකසීමේදී කිසිදු රසායනික සංයෝගයක්‌ එකතු කර නැති නිසා මෙම ස්‌වභාවික ඖෂධයක්‌ කියන්න පුළුවන්. අපේ රෝගීන් අතරේ ශල්‍යකර්මයන්ට බඳුන් වූ සහ බඳුන් නොවූ රෝගීන් මෙම පර්යේෂණ කණ්‌ඩායමට ඇතුළත් කර තිබෙනවා. තවත් කෙටි කලක්‌ මෙම පර්යේෂණ සිදු කළ යුතුවෙනවා. දැනට මේ තාක්‌ සිදුකළ පර්යේෂණ සාර්ථකයි...." 

හිත කියන්නේ මහා අමුතුම දෙයක්‌. බොහොමයක්‌ රෝගීන් නිරෝගි වන්නේ, හිත ප්‍රීතිමත්ව ඇත්නම් පමණයි. මෙම ඖෂධය ඇත්තෙන්ම තමන්ට නිවසේදී වුවත් පාවිච්චි කරන්න පුළුවන්. පෙති කරල් විදිහට නෙවෙයි. කරවිල මාළුවක්‌ විදිහට. එහෙමත් නැතිනම් කරවිල සලාදයක්‌ මැල්ලුමක්‌ විදිහට තව නැතිනම් කරවිල ඇට බැදුමක්‌ විදිහට. කඩල කනවා වගේ කරවිල ඇට බැදලා මිරිස්‌ දාලා වුණත් කන්න පුළුවන්. ඒ මොන විදිහට කෑවත් ඒ හැම අවස්‌ථාවකදීම නොනැසී ඇල්ෆා ඊලියෝස්‌ටීයරික්‌ ඇසිඩ් ශරීරයට ලැබෙනවා. ඉන් පිළිකා සෛල නැසෙන්නත් , වර්ධනය නොවෙන්නත් අවැසි පසුබිම සිරුර තුළ ගොඩනැඟෙනවා. මේ ඇසිඩ් ඔයිල් එක සිරුරට කොහෙත්ම අහිතකර නැහැ. අපේ පර්යේෂණ කණ්‌ඩායම දිනපතාම මේ ඖෂධය පාවිච්චි කරනවා. රුධිර සාම්පල පරීක්‌ෂා කරනවා. ඒ නිසා සියයට සියයක්‌ම විශ්වාසය තබා ඒ බව ප්‍රකාශ කරන්න පුළුවන්. අනෙක්‌ වැදගත්ම කාරණය තමයි, මෙම ඖෂධය නිසා අතුරු ආබාධ ඒ කියන්නේ හිසරදය වමනය කැරකිල්ල කෑම අරුචිය ක්‌ලාන්තය මේ කිසිවක්‌ නැහැ. ඒ නිසා වයස භේදයකින් තොරව ඕනෑම කෙනකුට පාව්ච්චි කරන්නත් පුළුවන්. අපේ පර්යේෂණවලට යොදා ගත්තේ, පින්නවේලි, එම්. සී. 43, සහ දේශිය කළු කරවිල කියන වර්ග තුන. ඉන් වැඩි ප්‍රතිඵල තියෙන්නේ කළු කරවිල වල. මේවා ඕනෑම අවස්‌ථාවක කැමති විදිහට ආහාරයට ගන්න පුළුවන්. තුඹ කරවිල වල වුවත් මේ ඇසිඩ් ඔයිල් අඩංගුයි. නිරෝගිකම වෙනුවෙන් කළ හැකි පහසුම දේ අපි ගෙදරදිම කරමු කරල් පෙති ලෙස වෙළෙඳපොළට හෝ රෝහලට එනතෙක්‌.......

මහාචාර්ය ජයන්ත මහතා ලංකාවාසීන්ට එලෙසින් ද පණිවුඩයක්‌ දෙමින් සිය වගකීම යුතුකම ඉටු කළේය. 

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News