Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

පාකිස්තානයේ ෆේස්බුක් ගිණුම් හරහා පළ කෙරෙන ආගමකට හෝ ජාතියකට අවමන් කෙරෙන ප්‍රකාශ සහ පින්තූර තහනම් කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගනිමින් සිටින බව එරට රජය පවසයි. 

රට තුළ ෆේස්බුක් තහනම් කිරීමට එරෙහිව තමන් උපදෙස් ලබා දුන් බව පාකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ආරිෆ් ඛාන් ඉස්ලාමාබාද් නුවර අධිකරණයක් හමුවේ ප්‍රකාශ කළේය.ජාතියකට හෝ ආගමකට අපහාස වන අන්දමින් සමාජ මාධ්‍ය හරහා කෙරෙන ප්‍රකාශන සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස පාකිස්තානය ෆේස්බුක් සමාගමෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ යටතේ මේ වන විට පාකිස්තාන ෆේස්බුක් ගිණුම් හරහා පළ කොට තිබූ එවැනි ප්‍රකාශ සහ ඡායාරූප 85% ක් ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම සමත් වී ඇති බවත් පාකිස්තානය පවසයි. 

ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැතත් ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාකිස්තානය වෙත දූතයෙකු එවීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. ජාතියකට හෝ ආගමකට අපහාසවන අන්දමින් පාකිස්තානයේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකිරීමට සම්බන්ධ වූ බවට සැක පිට පසුගිය සතියේ තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News